සමාජයේ පුද්ගලයින් අතර බහුලව ඇති මිග්‍රේන් ඔබටත් තියෙනවද..මෙන්න විසදුම

0

වර්තමානයේ පුද්ගලයන් බහුලවම පීඩා විඳින සෞඛ්‍ය ගැටලුවක් වශයෙන් ‘මිග්‍රේන්’ තත්ත්වය හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙය ඇතිවීමේ සම්භාවිතව පුද්ගලයන් 10 කට එක් අයකුට වශයෙන් දැක්වෙනවා. ආයුර්වේදයේ මේ රෝග තත්ත්වය හැඳින්වෙන්නේ ‘‘සූර්යාවර්ත’’ නමින්. ඉර උදාවත් සමග ඇතිවන හිසරදය, ඉර මුදුන් වීමත් සමග උත්සන්න වී සවස් කාලයේදී තරමක් සමනයට පත්වීම, මෙහිදී ඇතිවන හිසරදයේ ප්‍රධාන ලක්ෂණය වශයෙන් දක්වා තිබෙනවා. නමුත් මේ ආකාරයටම , මේ රටාවටම හිසරදය ඇති නොවන අවස්ථාද තිබෙනවා. එය ඒ ඒ රෝගියාගේ ශරීර ස්වභාවය, ඇවතුම් පැවතුම් අනුව වෙනස් වන්න පුළුවන්.

මිග්‍රේන් තත්ත්වය ඇති වන්නේ මොළය සහ ඒ ආශ්‍රිත රුධිර නාළ ආශ්‍රිත අසාමාන්‍ය උත්තේජනය වීමත් නිසාය. බොහෝ විට හිසේ එක් පසක තද වේදනාව, ඔක්කාරය, වමනය සහ ඉර එළිය හෝ ආලෝකයට නිරාවරණය වීමේ අපහසුව(ඉර එළිය දෙස බැලීමේ අපහසුව) යන ලක්ෂණ ප්‍රධානවම ඇතිවෙනවා. ඇතැමුන්ට නම් මෙම අපහසුව ඇතිවීමට ප්‍රථම පෙනීමේ වෙනස්වීම්, ආදී පූර්ව ලක්ෂණ ඇතිවීමෙන් (Aura) තමන්ට Migraine තත්ත්ව ඇතිවීමට යන බව දැනෙනවා.

•මිග්‍රේන් සඳහා හේතු, කාරණා මොනවාද?

ආයුර්වේද මූලධර්ම අනුව සැලකූ විට,මළ මුත්‍රාදී ස්වාභාවික වේග අනවශ්‍ය ලෙස ධාරණය,අජීර්ණ,දූෂිත ආහාර පරිභෝජනය,අධිකව හිරු රශ්මියට හා උණුසුමට නිරාවරණය වීම,අධික තෙල් සහිත,දැවිලි සහිත ආහාර, ලුණු සහිත ආහාර වැඩිපුර පරිභෝජනය,තරහව, ඊර්ෂ්‍යාව, මානසික ආතතිය, ලෝභය වැනි මානසික තත්ත්ව

වර්තමාන ජීවන රටාව සමග සම්බන්ධ කාරණා සැලකූ විට,කෝපි, කැෆේන්, අඩංගු පාන වර්ග දිගට භාවිතය,එම පුරුදු එකවර නතර කිරීම,හෝර්මෝන අසමතුලිතතා,නින්ද ආශ්‍රිත විෂම පුරුදු අඩු නින්ද හෝ අධිකව නිදා ගැනීම.,අධිකව ඝෝෂාකාරී ශබ්ද,දීප්තිමත් ආලෝකය තද සුගන්ධ ද්‍රව්‍ය ආදියට නිරාවරණයවීම,කුසගින්නේ සිටීම,මානසික ආතතිය,පහසුවෙන් නොදිරවන ආහාර,සකස් කළ ආහාර මිරිස් බහුල ආහාර,නිතර භාවිතය මිග්‍රේන් ඇති කරයි.

•මිග්‍රේන් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

පූර්ව ලක්ෂණ ලෙස පෙනීමේ විෂමතා,තමන් ඉදිරිපස අඳුරු ලප ඇතිවාක් මෙන් පෙනීම,බොඳ වූ දර්ශනය,දීප්තිමත් එළි විවිධ දිශාවලට ගමන් කරන එළි වැනි දර්ශන පෙනීම මීට අමතරව,ඈනුම් යාම…වමනය ඇති වනවාක් මෙන් දැනීම සිහිමඳ බව ආදී ලක්ෂණත් ඇතිවෙන්න පුළුවන්

මෙහිදී ඇතිවන හිසරදයේ දී,ඇස් වටා ඇතිවන වේදනාව,හිරු එළියට නිරාවරණය වීමේදි හිසරදය උත්සන්න වීම,හිස දෙදරන්නාක් බඳු වේදනාව (T robbing pain/ Pulsating pain),ඇතැම් විට පැය ගණනක්,දින 2-3ක් පුරාවටම පවතින හිසරදය,හිසෙහි දෙපසම හෝ එක් පසෙක හෝ වේදනාව ඇතිවිය හැක.,ඇතැම් විට එය ගෙල උරහිස දක්වාම දිවෙන වේදනාව වැනි ලක්ෂණ පවතින්න පුළුවන්.

මේ සඳහා ආයුර්වේද පිළියම් මොනවාද?

•ශිරෝලේප හෙවත් පිත් ශමන ඖෂධීය ගුණයෙන් යුත් ලේප වර්ග හිස ගැල්වීම උදා – සැවැන්දරා, සුදු හඳුන්, ජඨාමාංශ,ශිරෝධාරා හෙවත් හිසට තෙල් හෝ වෙනත් ද්‍රව වර්ග වත් කිරීමෙන් සිදු කරන ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.,මෙවැනි හිසට හෙවත් මූලධයටම විශේෂ වූ ‘‘මූර්ධනීය තෛල විධි’’ යන කේරළීය පංච කර්ම ප්‍රතිකාර විශේෂ වශයෙන් යොදාගන්න පුළුවන්.

මීට අමතරව නශ්‍ය, තෛල නශ්‍ය, ඖෂධීය ගුණයෙන් යුත් ද්‍රව වර්ගවලින් කවල/ ගණ්ඩුෂ (මුව තුළ රුවාගෙන සිටීම) වේදුෂම ආදී විශේෂ ප්‍රතිකාර ක්‍රම යොදනවා.

මීට අමතරව අභ්‍යන්තරව, කෂාය දී ඖෂධ වර්ග යෙදීම ද සිදු කළ හැකියි. විශේෂයෙන්ම රස ඖෂධ වර්ගද මේ සඳහා යෝග්‍ය වන්නේ ඒවායේ සියුම් ක්‍රියාකාරිත්වය වැඩි නිසයි. උදාහරණ වශයෙන්

‘‘ගෝදන්තී භෂ්ම’’ නම් රස ඖෂධය විනාඩි 20-30ත් ඇතුළත සහනය ගෙන දෙනවා. ප්‍රසිද්ධ වේදනා නාශක වගේමඑ,දිනෙදා ඇතිවන මිග්‍රේන් තත්ත්වයෙන් මිදීමට ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද?

හිසරදය සෑදුණු වහාම වේදනා නාශක නිතර නිතර භාවිතය වෙනුවට බාහිර ප්‍රතිකාරයන් සිදුකිරීමට උත්සාහ කරන්න.

උදා – සුදු හඳුන් කැබැල්ලක් දෙහි ඉස්මෙන් ගලගා නළලේ ආලේපය. රත් හඳුන් වුවද සුදුසුයි

නිසි කල නින්ද හා ආහාර ලබා ගැනීම,දිනකට පැය 7ක් වත් නින්දක් ලබා ගැනීම,බඩගින්නේ සිටීම, ආහාර වේල් මග හැරීම ඉතාම නුසුදුසුය,ප්සන්න සුවඳින් යුත් විලවුන් ආදිය භාවිතාව සුදුසු වුවත් අධික සැර සුවඳින් යුත් විලවුන්, සුවඳකාරකවලින් ඈත් වීම,තේ, කෝපි, ආදී පාන වර්ගවලින් ඈත් වීම,ඝෝෂාකාරී පරිසර තත්ත්වවලින් හැකිතරම් ඈත් වීම,සුවපහසු හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානවල වාසය,අධිකව වායු සමීකරණවලට නිරාවරණයෙන් වැළකීම,උදෑසන විනාඩි 10-20 ත් ඇවිදීමේ ව්‍යායාමවල නිරත වීම,යෝග, භාවනා ක්‍රම පුරුදු පුහුණු කිරීම ද යෝග්‍යය,දින 2-3 කට වරක්වත් වෛද්‍ය උපදෙස් සුදුසු තෙල් වර්ගයකින් ශීර්ෂ සම්බාහනය,සැර මිරිස් වර්ග වෙනුවට කරාබු, එනසාල්, කුරුඳු ආදී කුළුබඩු ආහාරවලට යෙදීම,තරහව අඩු කරගෙන ප්‍රීතියෙන් කල් ගෙවීම,අධික ශීතල හෝ අධික උණුසුම් ජලයෙන් ස්නාන නොකිරීම

එමෙන්ම ඔබට හිසරදය ඇති කරන යම් විශේෂ කාරණා තිබේ නම් ඒවා හැකිතාක් ඈත් කර තැබීම සහනදායී වේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here