ඔබත් උණුවතුර ඇල්වතුර කලවම් කරොත් විෂ වෙනව..අදම නවත්වන්න

0

අපේ ශරීරයේ සියයට 80ට වැඩි ප්‍රමාණයක් සංචිත ඇත්තේ ජලයයි. අපේ ශරීරය නිරෝගීව තබා ගැනීමට ජලය විශාල මෙහෙයක් කරනු ලබයි. ජලය අවශ්‍ය පරිදි ශරීරයට නොලැබෙන්නේ නම් එවිටද අපි රෝගීන් බවට පත්වන්නෙමු.

ශ්‍රී ලංකාව ඝර්මකලාපීය රටකි. මිනිසුන්ට හොඳින් දහඩිය දමයි. ශරීරයේ පවතින ජල ප්‍රතිශතයෙන් වැඩිම ප්‍රමාණයක් පිටකරනුයේ දහඩිය මගිනි. මේ නිසා දහඩිය පිටකරන ප්‍රමාණය ඉක්මවා ජලය අපගේ ශරීරයට එකතු විය යුතුය. එසේ නොවුවහොත් අපගේ ශරීරය තුළ පවතින විස කොටස් විවිධ ස්ථානයන්ගේ තැන්පත් වී විවිධ රෝග තත්ත්වන් ඇති කරයි‍.

අප පානය කරන ජලය උණුකර නිවා පානය කිරීම ඉතාමත් වැදගත්ය. යමෙක් උණු ජලය නිවා ගැනීම සදහා ඇල්දිය එක්කර පානය කරයි නම් එය ශරීරයට අහිතකර තත්ත්යන් ඇති කිරීමට සමත් වේ. ආයුර්වේදය තුල උණුජලය තුල ගුණ කියවේ, උණුජලය උෂ්ණ පානයක් වන අතර ඇල්ජලය ශීත පානයකි. මෙය විද්‍යාත්මක හා ආයුර්වේද තහවුරුවයි. විරුද්ධ ගුණපවතින දේ එකට එක්කර ආහාරයට ගැනීම හෝ පානය කිරීම නොකළ යුතු බව ආයුර්වේදයේ සදහන්වේ. විරුද්ධ ගුණ එකට එක් වීමේදී මාරාන්තික විසක් බවට පත්වේ. ඇල් දියේ බැක්ටීරීයා සාමාන්‍ය ප්‍රතිශතයක් පවතින අතර එයට උණුජලය මිශ්‍ර කළහොත් එම බැක්ටීරියාවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වී ගුණනය වේ.

තවත් කරුණක් වන්නේ ඇල්දියේ සිටින බැක්ටීරියාවන්ට උණු දියට මිශ්‍ර වූ විට උෂ්ණත්වය වළක්වා ගැනීමට සෛල බිත්තියක් නිර්මාණය කර ගනු ලැබේ. මේ සෛල බිත්තිය උණුජලයට ඔරොත්තු දීම සදහා සකසා ගැනේ, මෙවැනි බැක්ටීරියාවකට ආමාශය තුලදී වුවද විනාශ නොවී පැවතිය හැකිය. මෙවන් බැක්ටිරියාවන් කුඩා අන්ත්‍රයේදී හා මහා අන්ත්‍රයේදී ගුණනය වී මාරාන්තික ආසාදන තත්ත්වයන් ඇති කිරීමට සමත් විය හැකිය.ශරීරයට අපද්‍රව්‍ය එකතු වන මාර්ග
අප ගන්නා ආහාරයේ පවතින විස කොටස් ශරීරය තුළ සිදුවන විවිධ කෘතියන්වලදී එකතු වන විස කොටස් ශරිරය තුළ නිපදවෙන අපද්‍රව්‍ය පිටතින් අපගේ ශරීරයට ඇතුළු කර ගන්නා අපද්‍රව්‍ය.

මේ සියල්ල මගින් නිපදවෙන අපද්‍රව්‍ය වැඩිප්‍රමාණයක් බැහැර කරනුයේ මුත්‍රා මගිනි‍. මුත්‍රා නිවැරදිව පිටකිරීමට නම් අප පානය කරන ජල ප්‍රමාණය ඉතාමත් වැදගත් වේ. අපි පානය කරන ජල ප්‍රමාණය දහඩිය මගින් පිටවී ගියහොත් මුත්‍රාවල සාන්ද්‍රණය වැඩිවී මුත්‍ර පිටකිරීම අපහසු වේ. මේ හේතුවෙන් මුත්‍ර කැටිවී උකුවී පිටකිරීම අපහසුවේ. මෙහිදී මුත්‍රමගින් පිටවීය යුතු අපද්‍රව්‍ය කොටස් ශරීරයේ විවිධ ඉන්ද්‍රියන්ගේ තැන්පත්වේ. මේ අපද්‍රව්‍ය ශරීරයේ ස්ථර කීපයක තැන්පත් වන බව ආයුර්වේදයේ පැහැදිලිව කරයි.

විස තැන්පත් වන ස්ථානයන්

රස ධාතුව- විස තැන්පත් වන මුල්ම ස්ථානය වන්නේ අපේ සම හෙවත් රස ධාතුවේය. මෙහිදී සම කැසීමට ලක්වී තුවාල හටගනී. රළු වී කොරළ මතුවී පොතු කබර නමැති රෝගය හටගනී. තවද සමේ මෙලනින් නිෂ්පාදනය නිසිලෙස සිදු නොවී සම සුදුවී සුදුකඹර නමැති රෝගය හටගනී. දද කුෂ්ඨ වැනි සමේ රෝග හටගනී. මෙවැනි රෝගයන්ට ප්‍රධාන හේතුව දිනකට අවශ්‍ය තරම් ජලය නොගැනීමයි.

රක්ත ධාතුව – රක්ත ධාතුව හෙවත් රුධිර ධාතුවේ අපද්‍රව්‍ය තැන්පත් වීම හේතුවෙන් රුධිරගත රෝග හෙවත් රක්ත ධාතුවේ රෝග තත්ත්වයන් හටගනි. ගම්භීර උට්ඨාන වැනි රක්ත රෝග තත්ත්වයන් මතුවිය හැකිය. කාන්තාවන්ට ආර්ථව දෝෂ ඇතිකිරීමේ හැකියාව පවතී.

මාංශ ධාතුව – මාංශ ධාතුව හෙවත් මාංශ පේශී හී අපද්‍රව්‍ය තැන්පත් වී අර්බුද හට ගැනීමට පුළුවන. ඒ අනුව පිළිකා තත්ත්වයන්, ගෙඩි වැනි රෝග තත්ත්වයන් මතුවිය හැකිය‍.

මේදස් ධාතුව- මේද ධාතුවේ අපද්‍රව්‍ය රැඳීම හේතුවෙන් මේද ගැටිති කුරුලෑ වැනි තත්ත්වයන් හටගන්නී.

අස්ථි ධාතුව- අස්ථි තුළ අපද්‍රව්‍ය තැන්පත් වීම හේතුවෙන් සන්ධි රෝග හටගනී. ආමවාතය (රුමටොයිට් ආතරයිටිස්) සන්ධි වාත රෝගය (ඔස්තියෝආතරයිටිස්) අස්ථි දිරායෑම අස්ථි ක්ෂයවීම (ඔස්තියෝකොරෝසිස්) අස්ථිවල ද අර්බුද හටගැනීමට පුළුවන. අස්ථි ගෙඩි පිළිකා ඇතිවිය හැකිය. සන්ධිවල විකෘතිතා ඇතිවිය හැකිය.

මච්ඡා ධාතුව – මච්ඡා හෙවත්ඇ‌ට මිදුලුවල අපද්‍රව්‍ය තැන්පත් වීම හේතුවෙන් පිළිකා, රුධිරයේ හා ශරීරය ක්ෂය කිරීම වැනි තත්ත්වයන් පවා ඇති කිරීමට හැක.

ශුක්‍ර ධාතුව – තම වර්ගයා බෝකිරීමේ හැකියාව නැතිකිරීමට හෝ විකෘති කිරීමට වුවද ශරීරය තුළ රැඳී තිබෙන අපද්‍රව්‍යයන්ට හැකියාව පවතී.
අපේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යාමට නම් වැඩිහිටියෙකු දිනකට ජලය බෝතල් 6ක් හෝ පානය කළ යුතුය. මෙසේ දිනපතා ජලය අවශ්‍ය තරම් පානය කළ හොත් අපට නිරෝගි ජීවිතයක් ගත කළ හැකිය.

සටහන – ශ්‍රියානි විජේසිංහ ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here