ප්‍රධාන පෙළේ සබන් වර්ගයක විෂ රසායනිකයක්..උසාවි තීන්දුව මාධ්‍යවලින් හංගලා.(VIDEO)

0

බහුජාතික සමාගම් වල අවශ්‍යතාව මත මෙරට සබන් සම්බන්ධ ප්‍රමිතිය 2001 වසරේදී වෙනස් කරගෙන බහු ජාතික සමාගම් මෙරට ජනතාව රෝගීන් බවට පත් කරමින් සිටින බව අයිතීන් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය පවසයි.

එම සංවිධානයේ කැඳවුම්කර කැඳවුම්කරු සමන් අමරසිංහ ඒ බව අනාවරණය කර සිටියේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදීය.

සබන් වෙනුවට බේදින් බාර් පාරිභෝජනය කරවන ආකාරය සහ ඒ තුළ අක්ෂි සහ සමාජ රෝගාබාධවලට හේතු කාරක රසායනිකයන් ඇතුළත් නිෂ්පාදන ගැන අනාවරණය කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේය.

2001 වන විට පැවති සබන් සම්බන්ධ ප්‍රමිතිය අනුව සබන් සඳහා TFM (Total fatty matter ) අගයක් ඇත.එනම් බේබි සබන් සඳහා 78% ඇඟ ගල්වන සබන් සඳහා 76.5%ක්,කෘතීම සේදුම් කාරක සහිත සබන් නම් 54% ක්,පෘථීවි සේදුම් සේදුම්කාරක රහිත නම් 59% විය යුතුව තිබිණ.නමුත් එදා එක බේදින් බාර් නමින් නව ප්‍රමිතියක් හඳුන්වා දීමට ප්‍රමිති ආයතනය තීරණය කර ඇති අතර එහි TFM ප්‍රතිශතය 40% කි.

එතැන් පටන් මෙරට බහුතර පාරිභෝගික ප්‍රජාවක් ඇග ගල්වන සබන් ලෙස පරිභෝජනය කර ඇත්තේ බේදින් බාර්ය.

කැලුම් අමරසිංහ පවසන්නේ ලංකාවේ ඉහළ ප්‍රචාරක වියදමක් දරා බ්‍රෑන්ඩ් බවට පත් කර ඇති ලයිෆබෝයි යනු සබන් වර්ගයක් නොව බේදින් බාර් වර්ගයක් වන බවයි.ඒ නිසා එහි සමන් ක්රියා හඳුන්වා නැති බවය.

එහෙත් ජනතාව වෙළඳ ප්‍රචාරක වලට හසුවී සහ සබන් ලෙස එවැනි දෙයක් ඊට පෙර භාවිත කර ඇති නිසා දිගටම සභා යැයි සිතා මේ මෙදින් බාර් මෙදින් බාර් ඇඳ ගල්වමින් සිටින බවත් ඔහු පැවසීය.මෙම මාධ්‍ය හමුවේ හමුවේ දී අනාවරණය වූ වැදගත් කරුණක් වන්නේ Sodium Dodecy Benzene Sulphonate ( SDBS ) නම් මිනිස් සමට මූලිකව සිරුරට නොසුදුසු රසායනික මෙකී බේදින් බාර් වල අන්තර්ගත බවය.

එසේම එය මෙකී වෙළඳ නාම යටතේ ලෝකය ලෝකයේ වෙනත් රටවල වෙළෙඳ පොළට නිකුත් කර ඇති සබන් වර්ග වල SDBS නොමැති බවත් මෙම මාධ්‍ය හමුවේ දී ඔහු සාක්ෂි සහිතව උප ගනු ලැබිණ.

ඒ ලයිෆ්බෝයි සහ ලක්ස් සබන් ඇති හොංකොං ආජන්ටිනාව ඉන්දුනීසියාව ඉන්දියාව වැනි රටවල් කිහිපයක නිදර්ශන දක්වමින්ය.තවද මෙකී රසායනිකය ආශ්‍රිතව 1% ක ප්‍රතිශතයක් හාවන් සඳහා යොදවා 2009 වසරේදී වසරේදී ඔස්ට්‍රේලියාවේදී පරික්ෂා කර ඇති අතර එහිදී එම හාවන්ගෙ හාවන් ගේ දෑස් අන්ධ වූ බවට පරීක්ෂණ ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවත් කැලුම් අමරසිංහ මෙම මාධ්‍ය හමුවේ හමුවේදී පැවසීය.

මෙහිදී ඔහු තවදුරටත් පවසා සිටියේ මිනිස් සිරුරට ඉතාම අහිතකර මේ රසායනිකය 3.1% ත් 5.1% ත් අතර ප්‍රමාණයකින් මෙරට වෙළඳපොළට සබන් ලෙස ඉදිරිපත් කර ඇති එහෙත් සමන් වන බේදින් බාර් වල අන්තර්ගත ව ඇති බවය.

එසේම අනෙක් රටවල නිෂ්පාදන වල නොමැති මේ විෂ රසායනය මෙරට නිෂ්පාදන වල ඇතුළත් කර ඇති බව මෙරට තුළ දියත් වූ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත නඩු තීන්දුවකද සඳහන් බවත් එහිදී ඔහු සඳහන් කළේය.

( Mawratanews )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here