සිරගතවෙන්න කලින් රන්ජා අවසන් වතාවට තමන් ගැනම ගැයූ ගීතය..තනිකම තියෙනා.(VIDEO)

0

රන්ජන් රාමනායක කියන දේශපාලඥයා දැන් සිරවී හමාරය..ඔහුට හිමිවූ සිර දඩුවම වසර හතර හමාරකි.නමුත් බොහෝ විට රන්ජන් වසර දෙකයි මාස අටකින් යළි සමාජගත වනු ඇත.ඒ සිරදඩුවමේ කාල නීර්ණය අනුවය..දඩුවමට හේතුව අධිකරණයට අපහාස කිරීමය..නමුත් රන්ජන් රාමනායක නම් අසහාය නලුවා තවමත් සමාජයේ ජීවත් වන්නේය.ඔහු ගායකයෙකි.රන් සමනල ජෝඩුව වාගේ ගීතයෙන් පසු ඔහුගේ ගීතයක් ජනප්‍රිය නොවුණි.නමුත් මේ වනවිට රන්ජන් සිපිරිගෙට යන්නට මත්තෙන් තම ජීවිතයේ නිදහස ගැන තනිකම ගැන අපුරූවට කියූ හඩ පටයක් අපිට ඉතිරි කොට ඇත.

රන්ජන්ට චරිත ගණනාවකි,නලුවෙක්, දේශපාලඥයෙක්,ගායකයෙක්,සමාජ සේවකයෙක්,දැඩි මතාදාරියෙක් ආදී නොයෙක් චරිත රන්ජා හෙවත් රන්ජන් සතුව ඇත.ඒ සියල්ල එක පුද්ගලයෙකුට කළ හැකිද ?මේ සමාජය තුළ.ඔව් රන්ජන් රාමනායක එලෙස ජීවත්විය.ඒ කෙසේද යත් ඔහු නිරන්තරයෙන් පවසා තිබුණි.එනම් ඒ ඔහු විවාහ නොවූ තනිකඩයෙක් නිසාවෙනි.

මල්ලි මට රකින්න පවුලක් නෑ,ළමයි නෑ,ගෙවල් දොරවල් නෑ,මම ජීවත්වෙන්නෙ තනියම,මම තනිකඩයෙක්,ඒ නිදහස නිසා තමයි මට මේ විදියට නිදහසේ කතාකරන්න අසාධාරණයට විරුද්ධ වෙන්න,තිත්ත ඇත්ත කතාකරන්න පුලුවන් වෙලා තියෙන්නෙ.මම කාටවත් බය නැත්තෙ අන්න ඒ තනිකඩ ජීවිතේ නිදහස නිසා.රන්ජා නිරන්තරයෙන් කිව්වේ එලෙසය.කතාව ඇත්තය.බැදීම් වලින් කොටු වූ මිනිසෙක්ට බැදීම් ආරක්ෂා කිරීමට ස්වයං සීමා නීර්ණ දමා ගැනීමට සිදුවේ.

රන්ජා තම ජීවිතයේ නිදහස ගැන තනිකම ගැන අවසානෙට කිව්වේ ගීතයකිනි “තනිකම තියෙනා තුරු මට කිසිදා තනියක් දැනුනේ නෑ “ඔහු කිව්වේ එලෙසය.ඒ ඔහුගේ ජීවිතයේ 100% ඇත්ත ගැනය.එම ගීතය පහළින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here