සිංහරාජයට කිසිදු හානියක් සිදුව නොමැති බවට යුනෙස්කෝව කියයි

0

ලෝක උරුමයක් ලෙස සැලකෙන සිංහරාජ රක්ෂිතයේ කිසිදු වන විනාශයක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසන් සභාව පවසනවා.

මේ අතර, සිංහරාජයේ සිදුවන බව කියන ඉදි කිරිමක් නිරීක්ෂණය සඳහා ආණ්ඩුවේ පිරිසක් ඊයේ (25) එහි සංචාරයක නිරත වුණා.

සිංහරාජ රක්ෂිතයේ ඉදිකරන බව පැවසෙන හෝටලයක් පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රමුඛ දිවයිනම නියෝජනය වන පරිදි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ එහි සංචාරයකට එක්වුණා. ඒ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීන් ද සමගින්.

මේ අතර, සිංහරාජ රක්ෂිතයේ කිසිදු වන විනාශයක් සිදුවී නොමැති බවට ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොම්ෂන් සභාව (26) ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here