දැන් ගමේ අය මාත් එක්ක කතා නෑ..ඉඩම කාගෙද කියල මන් දන්නෑ .කලු කොටිය ඉන්නව කිව්වම මන් දැකල නෑ

0

වන වි නා ශ ය පිළිබඳව දියණියක් ලෙස භාග්‍යා නැගූ හඬ නිසා රට අවදි විය. මේ දියණිය බිහිකළේ රත්නපුර ගොඩකවෙල රාහුල ජාතික පාසලයි. පාසලේ විදුහල්පති ඉන්ද්‍රාණි විජේලතා මේ ප්‍රශ්නය ගැන මෙසේ පැවසීය.

“භාග්‍යා අබේරත්න දියණිය 2020 වසරේ අපොස උසස්පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටියා. ඇය අපේ පාසලට පැමිණෙන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන්. පාසලේ හොඳින් කැපී පෙනෙන දරුවෙක්. අනාගතයේ මෙවැනි දරුවන් රටට අවශ්‍ය වෙයි.ඒ වගේ ම ඇය හරිම සංවේදී දරුවෙක්. එදා ඒ දරුවා රූපවාහිනී වැඩ සටහනේ දී කළ ප්‍රකාශයේ දිග පළල හෝ බරපතළකම සම්බන්ධයෙන් මම අදහස් කතා කරන්නෙ නැහැ. අපි මුවින් පිට කරන සෑම වචනයක් ම වගකීමෙන් කියන්න පුරුදු වෙන්නත් ඕන.

එහෙත් දැන් භාග්‍යා අබේරත්න දියණිය පවසන්නේ මෙවැනි කතාවකි.

” එදා ගමේ තමන් සමඟ කතා කළ පිරිස අද ගොඩක් ඈත් වී ඇති බව ඇය කියයි. බලනකොට මේ කැලෑ විනාශය පිළිබඳ ප්‍රශ්නය තිබිල තියෙන්නෙ මට විතරයි, මගේ පැත්තට ගමේ කවුරුත් කතා කරන්නෙ නෑ. මට දැන් නම් බාහිර ආයතන වල නිලධාරීන් ගෙන් කිසිම බලපෑමක් එන්නෙ නෑ. පොලිසියේ මහත්වරු ඇවිත් බලපෑමක් කළා කියලා ප්‍රචාරය වුණා. රක්වාන පොලීසියේ මහත්වරු දෙදෙනෙක් ඇවිත් විස්තර ඇහුවා. මට කිසි බලපෑමක් කළේ නෑ.

කළු වඳුරා අපේ වත්තට කෑම කන්න එනවා. කළු කොටියා ඉන්නවා කියලා ගමේ අය කියනවා. මම නම් දැකලා නෑ. ඒත් ගෝනුන්, මුවන්, ඕළුවා, ඉත්තෑවා වගේ සත්තු ගොඩක් ඉන්නවා. ඒක දේශික සත්වයන් වන හඳපාන්ඇල්ල මැඬියා සහ අංකටුස්සා මේ කැලේ ඉන්නෙ. ඉඩම කාගෙද කියලා මම දන්නෙ නෑ. අදාළ බලධාරීන් ඒවා බලා ගනියි‘

දැන් තත්ත්වය මෙසේ වන අතර භාග්‍යා ගේ වචන කිහිපයට රටේ මහා ප්‍රශ්නයක් ඇති වී හමාරය. කවුරුන් කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව පමණක් අපි අවධාරණය කරමු.

මෙය ඉරිදා සිළුමිණ පුවත්පතේ පළවූ ලිපියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here