දේවානී සහ නිරූපා හත්පොලේ ගා ගනී..එකට හමුවී දෙන්න දෙකක් කියයි

0

නිරන්තරයෙන් මේ දිනවල කතා බහට ලක්වන රාජ්‍ය නිලධාරිණියක් වන දේවානි ජයතිලක මහත්මිය සමඟ ජායාරූපයක් ගැනීම සහ එයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ජාතික ජන බල වේගයේ අපේක්ෂිකාවක් වූ නිරූපා සේරසිංහ මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඒ තුලින් ඇය කියා සිටින්නේ තමන් වෙනත් කටයුත්තක් සඳහා දේවනි ජයතිලක මහත්මියගේ නිවස අසලට ගිය බවයි.එම නිසා ඇයව ගොස් හමුවූ බවද එහි සඳහන්.

එසේම ජාතික ජන බලවේගයේ නිරූපමා සේරසිංහ මහත්මිය තමන් සමග ගත් පින්තුරයක් අවභාවිත කළේ යයි ගම්පහ අඩවි වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය සඳහන් කරයි.

ඇයද තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් තමන් වලකින බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය හා කනගාටුව ප්‍රකාශ කරන බවත් තමන් කිසියම් දේශපාලන පක්ෂයට ලැදි බව ඇඟවීමට උත්සාහ දරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඇය සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිරූපා සේරසිංහ මහත්මිය තබා ඇති සටහන හා දේවානි ජයතිලක මහත්මිය තබා ඇති සටහන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here