කරඩුව ගත් තරුණයා කතාකරයි.මම හොදින්..මට දිවැස් තියෙනවා..නාග ලෝකෙට ගිය හැටිත් කියයි.

0

ඔබ දකින්න ඇති මා පිළිබඳව සමාජ මාධ්‍යවල,ෆේස්බුක් ආදියේ නොයෙකුත් වැරදි ප්‍රචාර යනවා.මා රෝගීව එක්තැන් වී සිටින බව ඔවුන් කියනවා.එය වැරදි මඩ ගැසීමක් මම ඉතාමත් නිරෝගීව පසුවන බව ඔබට පෙනෙනවා ඇති.මට කිසිදු ආබාධයක් නැහැ.දැනට වසර පහක සිට මේ ස්ථානයේ නාග පූජා පවත්වන්නේ මගේ මෙහෙයවීමෙන්.අපි මේ ස්ථානයේ නානුමුර පූජා පවත්වනවා.

මට දිවැස් බලයක් තියෙනවා. ඕනෑම කෙනෙකුගේ විස්තරයක් කියන්න පුළුවන්. නාග දිව්‍ය රාජයා සමඟ ලොකු සම්බන්ධතාවක් මට තියෙනවා.මේක මගේ සංසාරගත පුරුද්දක්.මම ඉපදුනේ ම යම්කිසි ආධ්‍යාත්මික බලයක් සහිතව.

මේ පූජා සිදුකරද්දී මම නිතර මණිඅක්ඛිත නාග රජු සමඟ සම්බන්ධ වෙනවා.උන්වහන්සේ මට පැවසුවා නාග ලෝකයේ තිබෙන නිර්මල සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් කිහිපනමක් කැලණි විහාරයට ලබාදෙන බව.මම ඒක නායක හාමුදුරුවන්ටත් දැනුම් දුන්නා.ඒ අනුව අපි විහාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක් සකස්කිරීමට අපේක්ෂාවෙන් සිටියා.නමුත් විවිධ බලවේග නිසා අපට නාගලෝකෙන් ලැබුනු දින වෙනස් වුණා.

දැන් රුවන්මැලි මහා සෑය ආරක්ෂා කරන්නේ මහාකාල නා රජු,සෝමාවතී චෛත්‍ය ආරක්ෂා කරන්නේ ජයසේන නාරජු,සේරුවාවිල මංගල සෑය ආරක්ෂා කරන්නේ සුමන නා රජු,කැලණි මහා විහාර ආරක්ෂා කරන්නේ මණිඅක්ඛිත නා රජු.මිථ්‍යාදෘෂ්ටික නාගයන් මේක වැළැක්කුවා.මම නාග ලෝකයක් මනුෂ්‍ය ලෝකයත් අතර අතරමැදියෙක් මම කරන්නේ ලෝක දෙක අතර පණිවිඩ හුවමාරු කිරීම.

සර්වඥ ධාතූන් වහන්සේලා අපට ලබාදෙන බවට ස්ථිර දැනුම්දීමක් ලැබුණේ 2019 නොවැම්බර් නමය දිනට අදාලවයි.ඒ සඳහා කැලණි නදියේ විශේෂ ස්ථානයක් සඳහන් කළා.මට කිසි දෙයකට බය වෙන්න එපා කියලා මණිඅක්ඛිත නාග රජු කීවා.ආරක්ෂා කරනවා කියලා කිව්වා.මට උන්වහන්සේ ගැන විශ්වාසයක් තිබුණා.මම කරඬුව ගන්න ගියා.අපි පූජා පවත්වා නම වැනි දා රාත්‍රි 9:30 ට විතර ගඟට ගියා අප සමග 50 ක් 60 ක් විතර හිටියා මගේ ආරක්ෂාවට තොටුපොළ භාරව සිටින ගයාන් මහතා සම්බන්ධ කර දුන්නේ කැලණිය පොලිසියේ ස්ථානාධිපතිතුමා. අප යන විටත් ඔහු එතන හිටිය එය අහඹු සිදුවීමක් මගේ අතේ නාග වළලු දෙකත්,ඒ දෙක තොටුපොළේ තොටුපොළේ සිට දෙදෙනාට පැළඳුවා.

මට භාවනා කිරීමෙන් කුණ්ඩලීනී ශක්තිය ලැබෙනවා.මට සූක්ෂම ශක්තියෙන් සිරුරෙන් බැහැර වෙන්න පුළුවන්.මනෝකාය එළියට ගන්න පුළුවන්.නමුත් ශරීරය සිහින් හුයකින් බැඳි පවතිනවා මම මනෝකායෙන් නා ලෝකෙට පිට ගියා.

මණිඅක්ඛිත නා රජු තිස්දාහක් නාගයන් පිරිවරාගෙන හිටියේ විශාල නාගයෙක් අපේ ආරක්ෂාවට එවලා හිටිය.ඒ නයාගෙ වල්ගය කොටස ගඟ මැද ගලේ ඉද්දී ගයාන්ගෙ කකුලෙ වැදිලා කෙණ්ඩ පෙරළුණා.මෙතුමා මාව අල්ලගෙන හිටියා.වතුර ඇතුලට ගියාම නාගලෝකයේ දොරටුව හමුවුණා දොරටුව බාර හිටි රන්වල දෙවියෝ උන්වහන්සේ මට දොරටුව ඇරලා දුන්නා.

ඒක නීල මාණික්‍යයෙන් කරපු විමානයක්.සූක්ෂම කයෙන් යන නිසා හුස්ම ගන්න අපහසුවක් නැහැ.රත්රන් කණුවල එතුන මැණික් කටින් ගත් නාගයන් ඉන්න මාවතක් තිබුණා.නාග කන්‍යාවන් වීණා වයමින් දෙපැත්තෙන්ම මම දැක්කා.ඉදිරියට යනකොට නීල මාණික්‍යයෙන් කරපු විශාල කරඬුවක් තිබුණ.එතන සුදු සළු පැලැඳි නාග පෙන පහක් ඔටුනු පැළඳි කෙනෙක් හිටියා. එතුමා හැරිලා මා දිහා බැලුවා ඇස්වලින් විදුලි පන්දමක් කින් වගේ ආලෝක ධාරාවක් නිකුත් වුණා මම උන්වහන්සේට වඳින්න හදනකොට උඩටයන්න දරුවා කිව්වා.මම උඩට යද්දි වතුර මට්ටම ඉහළ නැගලා මම කිව්ව වහින්න පටන් ගනීවි කියලා.ඒ සමග අකුණු ගගහ වහින්න ගත්තා.ඒ වෙලාවේ අපි තුන්දෙනාම එක කටට ගන්න පුලුවන් තරම රිදී පාට නාගයෙක් මතු වුණා.ඒක මුලින්ම දැක්කේ තොටුපලේ ගයාන්ගෙ ගෝලයා.ඒ සමඟ විශාල සුළියක් සමග ඇවිත් කරුණු සමග ඇවිත් කරඬුව මගේ අතට දී නොපෙනී ගියා.

දැන් වෙලාව රෑ 12:00 යි.මෙම කරඬුව මේ අයියා අතට දීලා සූක්ෂම කයින් ඉවත් වුණා.අපි කරඬුවට පූජා පවත්වා පවත්වද්දී මිථ්‍යාදෘෂ්ටික නාගයෝ මතු වුණා විස්සක් තිහක්.අපි බෝතලයක් විසිකලාම ඒ විශාල නාගයෙක් සිහින් වෙලා ඒ තුලට ඇතුලු වුණා.එපමණයි උනේ.පසුව ඒ නාගත් වතුරට දැම්මා.

ඒ කරඬුව දැන් තැන්පත් කර තිබෙනවා.එක චීනෙන් ගෙනා කියලා තමයි මට ගහන්නේ ඔබතුමාට ඒක බලන්න පුළුවන්.මේක සාසනික දෙයක් මෙතන කිසිම දේශපාලනික සම්බන්ධයක් නැහැ.මේක මණිඅක්ඛිත නාරජුගේ පණිවිඩය මත සිදුවීමක් පමණයි.මම ශාරීරිකව හොඳින් ඉන්නව වැරදි මත දක්වන අය ඉදිරියේදී නාග ෂා පය හිමිවේවි.

(උපුටාගැනීම මව්බිම පුවත්පතෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here