පුෂ්පිකා රෝහල් ගත කරයි..උදුරා ගත් කිරුළ යළිත් පුෂ්පිකාටම ? සංවිධායක චන්දිමාල්ගේ අවසන් තීරණයක්.

0

විවාහක ශ්‍රී ලංකා රූ රැජින තරගාවලිය දෑ ගත් නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා හට යළිත් එම කිරුළ ලබා දී ඇතැයි වාර්තා වනවා

මෙම තරගාවලිය සංවිධායක චන්දිමාල් විසින් ඊට අදාළ පියවර ගෙන ඇති බව සඳහන්.පුෂ්පිකා දික්කසාද වී ඇති බව පවසමින් ඇගේ ජයග්‍රහනය අවලංගු කළ ද ඇය දික්කසාද වී නොමැතිබව චන්දිමාල් ප්‍රකාශ කර ඇත.

ඊයේ රාත්‍රියේ නෙළුම් පොකුණ නෙළුම්පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකාවේ 2020 විවාහක රූ රැජින තේරීමේ තරඟයේ දී උණුසුම් තත්වයක් ඇතිවුනේ එම කිරුළ ජයග්‍රහණය අත්පත් කරගත් පුෂ්පිකා ද සිල්වා ගේ කිරුළ කිරුන තත්පර කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙන් ඇයට අහිමි වීමත් සමගය.

කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු විවාහක ලෝක රූ රැජින බවට පත් වූ පත් වූ කැරොලයින් ජූරි වේදිකාවට පිවිස රූ රැජන ලෙස අභිසෙස් ලැබූ පුෂ්පිකා ගේ කිරුළ ඉවත් කරන බව ප්‍රකාශ කළාය.

ඇය සඳහන් කළේ දික්කසාද කාන්තාවකට විවාහක රූ රැජින ලෙස කිරුළ දැරිය නොහැකි බව තරග කොන්දේසි වල සඳහන් වන බවයි.

ඒ අනුව පුෂ්පිකා හිස මත පැවිදි කිරුළ ගලවා දමන කැරලයින් ජූරි එය මෙම තරගය අංක 17 යටතේ තරඟ කර දෙවැනි ස්ථානයට පත්වූ අශ්වයා බස්නායකට පැලඳූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිරුළ කිරුල හිමි වූ පුෂ්පිකා ද සිල්වා කියා සිටියේ මාධ්‍ය හමුවක් පවත්වා තමන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන බවයි.

මේ අතර පැන සිටි කිරීම ගැලවීමට උත්සාහ කිරීමේ දී එම සිදුවීම හේතුවෙන් පුෂ්පිකා ද සිල්වා මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here