කවුරු කුමක් කීවත් පළාත් සභා පවත්වාගෙන යෑම නිෂ්ඵල කාර්යයක් – සරත් වීරසේකර.

0
1387

පළාත් සභා තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද යන්න ගැන නිර්දේශ තමා රජයට ඉදිරිපත් කරන බව පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (3දා)පැවසීය.

මෙම නිර්දේශ ලබාදීමෙන් පසු ජනපති අගමැති සහ ඇමැති මණ්ඩලය එම නිර්දේශ ගැන සාකච්ඡුා කර තීන්දුවක් ගනු ඇතැයි හෙතෙම තවදුරටත් පළ කළේය.

කවුරු කුමක් කීවත් පළාත් සභා පවත්වාගෙන යෑම නිෂ්ඵල කාර්යයක් බව තම අවංක අදහස බවද වීරසේකර මහතා කීවේය.තම නිර්දේශ ඉදිරි සති දෙක තුළ රජයට ඉදිරිපත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here