පසුගිය 02 වැනි දින ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි උපාධිධාරීහු 230 ක් රැකියා සඳහා පත්වීම් ලිපි ලබාදීම සඳහා එම කාර්යාලයට කැඳවා තිබූහ. එහිදී ඔවුන්ගෙන් කිහිපදෙනෙක් පත්වීම් ලිපි ප්රදානය කිරීමටත් පෙර සිය දුක්ගැනවිලි ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ බව ආරංචි මාර්ග පවසයි.
එක් උපාධිධාරිනියක් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන් ටෙලි නාට්‍යයක රඟපෑමට ගිවිසුමක් ගසා ඇති බැවින් නිවාඩු දෙන ලෙසය. තවත් උපාධිධාරිනියක් පවසා ඇත්තේ තම සැමියා සේවය කරන ස්ථානයට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසටයි.තම කුඩා දරුවා මවට හුරුකරවීමට සති දෙකක නිවාඩුවක් ලබාදෙන ලෙස තවත් උපාධිධාරිනියක් ඉල්ලා ඇත.
රැකියාවක් බලාපොරොත්තුව වසර ගණනාවක් නිවෙස්වලට වී සිටි උපාධිධාරීන්ට පත්වීම් ලිපි භාරදීමටත් පෙර විවිධ හේතු පවසමින් නිවාඩු ඉල්ලීම ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෝ මවිතයට පත්වී සිටිති.
ගලේවෙල විශේෂ DIVAINA