විල්පත්තුව රක්ෂිත වනාන්තරය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව ප්රදේශයේ වනාන්තර පද්ධතියක් මුළුමුනින්ම ගිනි තබා විනාශ කර තිබේ.මෙමගින් අක්කර 100 ක පමණ ප්රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර ගත් වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි.වසර 200ක අධික කාලයක් මෙහි තිබූ වටිනාකමින් ඉහල ගස් වර්ග ද කපා දමා ඇතැයි ද සඳහන්ය.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම වනාන්තරය තුළ මෙරටට ආවේණික සත්වයින් සහ ශාක රැසක් බහුල වූ බවයි.