වනාතවිල්ලූවේ ඉඩම් වැනසූ 8ක් අත්අඩංගුවට

0
152

වනාතවිල්ලූව-එළුවන්කුලම කුරටියාමොහොට්ටේ ප‍්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක් එළිකිරීම සම්බන්ධව මේ වන විට පුද්ගලයින් 08 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලූව පොලිසිය කියා සිටී.

සිමෙන්ති සංස්ථා සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම ඉඩමට අයුතු ඇතුළු වීම හා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් පළමුව පුද්ගලයින් 5දෙනකුද, පසුව එක් අයකුද, ඊයේ (9දා) පුද්ගලයින් 3දෙනකුද මෙලෙස අත්අඩංගුවට ගත් බවත්, විමර්ශන අනුව ඉදිරියේදී තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවත් වනාතවිල්ලූව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පී.එන්. පතිරත්න මහතා සදහන් කළේය.

මේ සම්බන්ධව මුලින්ම අත්අඩංගුවට ගත් 5 දෙනා ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක් තිදෙනා පුත්තලම අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අක්කර 100කට ආසන්න ප‍්‍රමාණයක් දැනට මාස ගණනාවක සිට මෙලෙස විශාල ගස් ගිනි තබා සම්පූර්ණයෙන්ම සුද්ද කර තිබේ. මෙම ඉඩම තුළ තිබූ වසර ගණනාවක් පැරණි පළු, බුරුත, වීර වැනි වටිනා ගස් රැුසක් දැනට විනාශ කර දමා මෙම භූමිය සකසා ඇති බව දක්නට ලැබෙන අතර මෙහි සාමාන්‍ය හේන් ගොවිතැනට සුදුසු පරිසරයක් දැන් සකසා ඇති බව දක්නට ලැබේ.

පුත්තලම – එච්.චන්දන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here