කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (9 වැනිදා) කොවිඩ් ආසාදිතයන් නව දෙනකු වාර්තා විය.
අලුතින් හමු වූ අයගේ බාහිර රෝග ලක්ෂණ නොපෙන්වූ නමුත් පී.සී.ආර්. පරීක්ෂණවලදී මේ බව තහවුරු වූ බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය.
මෙම ආසාදිතයන් නව දෙනා වැලිකන්ද රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. ඔවුන් ළඟින්ම ඇසුරු කළ තවත් දොළොස්දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.බාහිර සමාජය සමග ඔවුන් සම්බන්ධ නොමැති බව කියති.
අවසන්වරට කොවිඩ් පොකුරක් මතුවූ කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන කඳවුරුවලින් කොවිඩ් ආසාදිතයන් 649ක් වාර්තා වූ අතර ඉන් 634ක්ම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවදුරටත් පුනරුත්ථාපනය වෙමින් සිටී. නවදෙනෙකු මෙසේ ආසාදිතයන් ලෙස වාර්තා වී තිබිණි. මෙම මධ්‍යස්ථානය දැඩි ආරක්ෂක විධිවිධාන මැද පුහුණුවීම් ලබාදෙන තැනකි.
ඊයේ (9 වැනිදා) දිනයේ කන්දකාඩුවලින් වාර්තා වූ අසාදිතයන් නවදෙනාට අමතරව තවත් අටදෙනෙකු කුවෙට් හා කටාර් සිට පැමිණි අය අතරින් හමුවී ඇත.