වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් බවට දැන්වීම් පුවරු සවිකර ඇති භූමියක් හොරොව්පතාන – මොරවැව ප්රදේශයේ ගිනි තබා විනාශ කර තිබෙනවා.
විශාල ප්රමාණයේ ගස් කපා දමමින් සෙසු ශාක මෙලෙස ගිනි තබා තිබෙනවා.
ප්රදේශවාසින් පවසන්නේ එම ඉඩම් වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන බවත් ඔවුන් එම ප්රදේශයේ පාරම්පරිකව වගාකළ ඉඩම් වල වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් බවට දැන්වීම් පුවරු සවිකර කර ඇති බවයි.
බඩ ඉරිඟු වගාවට බිම් සැකසීම සඳහා මෙලෙස මෙම ඉඩම් ගිනි තබා ඇති බවට වාර්තා වනවා.