රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර වැඩට බහී.ජනතාවගෙන් පැසසුම්

0
147

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නව අමාත්ය මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේ නව අමාත්යවරුන්ගේ විෂයන් පිළිබඳව සමාජයේ දැඩි කතාබහට ලක්විය.විශේෂයෙන්ම රාජ්ය අමාත්යවරුන්ගේ විෂයන් පිළිබඳව මෙසේ සමාජ මාධ්ය ඔස්සේ හාස්යයට ලක්වී තිබිණි.

බතික් ඇමති,තල් පොල් ඇමති,මැටි ඇමති ආදී වශයෙන් සමාජ ජාලවල දැඩි හාස්යයට ලක්වීමත් සමඟම නව අමාත්යවරුන්ද තමන්ට ලැබුණු අමාත්යදූර සම්බන්ධයෙන් කළකිරීමට පත්වී ඇති බවද අහන්න දකින්න ලැබුණි.

කෙසේවෙතත් පසුගිය කාලය පුරාවටම වැඩි පුරම සමාජයේ කතාබහට ලක්වූ හා වැඩිපුරම සමාජ මාධ්ය වල බැනුම් ඇසූ මංත්රීවරයෙක් වන ප්රසන්න රණවීර මහතා තමන්ට ලැබුණු මැටි ඇමතිකමෙන් මේ වනවිට සමාජ මාධ්ය තුළ ජනප්රියම මෙන්ම හොද අහන අමාත්යවරයෙකු වී තිබෙන බව දකින්නට ලැබෙනවා.

තමන්ට ලැබුණු අමාත්යංශයට අදාලව දිවයින පුරා යමින් මැටි,වේවැල්,පිත්තල ආදී කර්මාන්තකරුවන් මුණ ගැසී ඔවුන්ට අදාල ගැටලු සාකච්ඡා කරමින් එම ගැටලු විසදා එම කර්මාන්ත තුළින් අපේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා ගේ උත්සහය අපි අගය කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here