අධි සංවේදී හෝටන් තැන්නටත් තවත් පාරක් කපන්න සැලසුමක් – තිස්ස ජනනායක VIDEO

0
371

මේ වනවිට රට පුරා කැලෑ කැපීම්,කඩොලාන කැපීම් ආදී පරිසර විනාශය ඉතා සීග්රයෙන් සිදුවෙමින් පවතිනවා.පසුගිය දිනවල මේ පිලිබදව සමාජයේ දැඩි කතාබහට ලක් වූවත් මාධ්ය හරහා නිතර දෙවේලේ මේ පිළිබඳව පෙන්වූවත් එම පරිසර විනාශයන් වල අඩුවක් සිදුව නැහැ.

පසුගිය වකවානුව පුරා පරිසර විනාශය පිළිබඳව කතාකරන විට විශේෂයෙන්ම කතා බහට ලක්වූ පරිසර පද්ධතියක් වන්නේ විල්පත්තුව අභය භූමියයි.කෙසේවෙතත් මේ වනවිට සිංහරාජය,ආනවිලුන්දාව,වනාතවිල්ලුව,කල්පිටිය,හන්තාන ආදී අධි සංවේදී පරිසර පද්ධති පිළිබඳව කතා බහට ලක්වෙමින් පවතින්නේ දේශපාලඥයින් ඇතුලු විවිධ පාර්ෂව විසින් සිදුකෙරෙමින් පවතින පරිසර විනාශයන් නිසාවෙනි.

සිංහරාජය මැදින් ලංකාගමට කැපෙන පාරක් පිළිබඳව දැඩි කතාබහට ලක්වෙන වකවානුවක අධි සංවේදී පරිසර පද්ධතියක් වන හෝටර්න් තැන්නටත් තවත් පාරක් කැපීමට සූදානමක් පවතින බව ජීව විද්යා දේශක තිස්ස ජනනායක මහතා ප්රකාශ කරනවා.ඔහු මෙම සිද්ධි දාමයම දැඩි දෝෂදර්ශනයට ලක් කරන අතර ඔහු ඒ පිළිබඳව තම උපකාරක පංතියේදී මෙලෙස ප්රකාශ කර තිබුණා.එම ප්රකාශය පහතින්,

https://www.facebook.com/TissaJananayake01/videos/312859039989541/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here