පොහොර ඉල්ලා ගොවියෙක් දැවැන්ත ඇහැටු ගසක නැග උපවාසයක.

0
203

මාතලේ, නව ලග්ගල හංදිය අසල පිහිටි දැවැන්ත ඇහැටු ගසක් මුදුනට නැගී 60 හැවිරිදි ගොවි මහතෙකු ඊයේ (16 දා) දින උදෑසන සිට උපවාසයක් ආරම්භ කර ඇත.

නව ලග්ගල නගරයේ පදිංචි සිවුදරු පියකු වන අජිත් පෙරේරා මහතා කියා සිටියේ තම වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ලග්ගල ප‍්‍රදේශයේ නොමැති බවත් මෙම ගැටලූව විසඳා ගැනීමට අවස්ථා 13ක් ගොවිජන සේවා මධ්‍යස්ථානයටද අවස්ථා 5ක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයටද ගොස් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කළත් විසඳුමක් නොමැති බැවින් උපවාසය ආරම්භ කළ බව සඳහන් කරයි.

ලග්ගල නගරයේ කිසිඳු වෙළෙඳ සැලක මුදලට හෝ පොහොර වර්ග මිලදී ගැනීමට නොහැකිවීම නිසා තමා විසින් වගාකර ඇති අක්කර තුනක බතල වගාව හා අක්කරයක්වූ වම්බටු වගාව පොහොර නොමැතිකමෙන් හානියට පත්වීමේ අවදානමක් මතුව ඇති බැවින් අවශ්‍ය පොහොර මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඔහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි. මෙම ගොවි මහතාගේ උපවාසයට සහාය පළ කරමින් තවත් ගොවින් පිරිසක් ගස මුල රැඳී සිටිනු දැකිය හැකිවිය.

දඹුල්ල – සරත් එරමිණිගම්මන /නාඋල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here