කියන තරම් පොල් හිඟයක් නෑ – රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

0
181

රට තුළ මහ පරිමාණ පොල් මාෆියාවක් පවතින බවත්, රුපියල් 70 ක උපරිම සිල්ලර මිලකට රටපුරා පොල් අලෙවි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවැසීය.

වෙළෙඳ පොළේ රුපියල් 100 හා 150 වැනි ඉහළ මිලකට පොල් ගෙඩියක් අලෙවි කිරීමට තරම් පොල් හිඟයක් රට තුළ නැති බවත්, හලාවත හා කුරුණෑගල වැවිලි සමාගම්වලට අයත් වතුවලින් රුපියල් 58 ක් වැනි මුදලකට තොග වශයෙන් පොල් අලෙවි වන බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පොල් මිල සම්බන්ධයෙන් බත්තරමුල්ල සෙත්සිරිපායේ ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවේදීය.

‘‘පොල් නිෂ්පාදනය අවුරුද්දකට බිලියන 2.8 කි. මෙයින් ගෘහස්ථ පරිභෝජනයට ගැනෙන පොල් ප්‍රමාණය බිලියන 1.8 යි. තවත් බිලියනයක පමණ පොල් ප්‍රමාණයක් තියෙනවා’’ යැයිද රාජ්‍ය ඇමැතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here