දිනකට ලංකාවෙන් පිළිකා රෝගීන් 64ක් වාර්තා වන බව නවතම සෞඛ්‍ය අංශ වාර්තා අනාවරණය කරයි.
2008 වසර හා සසදන කල මේ වනවිට රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය දෙගුණයක් වී ඇති බවත්, ඉන් 16%ක්ම මුඛ පිළිකා රෝගීන් බවත් වාර්තා වේ.
එමෙන්ම දිනකට රෝගීන් 38ක් දෙනෙක් පිළිකා රෝගය හේතුකොටගෙන මියයන බවද එම වාර්තා පෙන්වා දී ඇත.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ සෞඛ්යාරක්ෂිත නොවන පුරුදු හේතුකොටගෙන මෙසේ පිළිකා රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවකි.