මෑතක් වනතුරුම සියලූ ව්‍යාධි අභිබවා අනුරාධපුරයෙන් වාර්ෂිකව මියයන වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළින්ම පැවැති නමුත් මෑතක සිට වාර්ෂික වකුගඩු රෝග මරණ සංඛ්‍යාව අභිබවා වාර්ෂිකව නිව්මෝනියා රෝගයෙන් මියයන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි අනුරාධපුර මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී හේමා වීරකෝන් මහත්මිය සඳහන් කළාය.
මේ වන විට අපේ රටේ බෝවන රෝග අභිබවා බෝ නොවන රෝග සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සඳහන් කළ වෛද්‍ය වීරකෝන් මහත්මිය අනුරාධපුරයේ වාර්ෂිකව මියයන සංඛ්‍යාවෙන් 83% ක් පමණ මියයන්නේ හෘදයාබාධ, පිළිකා, දියවැඩියාව, අංශ බාග, වකුගඩු වැනි බෝ නොවන රෝගීන් යැයි පැවසුවාය. මේ සියලූ රෝග ඉක්මවා යමින් නියුමෝනියා රෝගයෙන් මියයන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සඳහන් කළ වෛද්‍යවරිය 2019 වසරේදී නියුමෝනියා රෝගයෙන් අනුරාධපුර රෝගීන් 409 ක් මියගොස් ඇති බව පැවසුවාය.
එසේම බෝ නොවන රෝග ලෙස ගැනෙන හෘදයාබාධවලින් වාර්ෂිකව අනුරාධපුරයේ 274 දෙනකුද, වකුගඩු රෝගයෙන් 258 දෙනකු, විෂබීජ රුධිරගත වීමෙන් 249 දෙනකුද මියගොස් ඇතැයි වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය විස්තර කළාය.