සුදුසුකම් නොමැති වෛද්‍ය උපාධිධාරීන් 100 ක් මේ වසරේ වෛද්‍ය ක්‍ෂේත‍්‍රයට එක්වීමට නියමිතයි

0
236

අපොස උසස් පෙළ අසමත් විදේශීය වෛද්‍ය උපාධිධාරීන් හා උසස් පෙළ සමත්ව පිළිනොගත් විදේශීය වෛද්‍ය උපාධි ලබාගත් උපාධිධාරීන් 100 දෙනකු මෙම වසරේ ශ‍්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත‍්‍රයට එක් වීමට නියමිතව ඇති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමවුපිය සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වසන්ත ද අල්විස් මහතා පවසයි.

මෙම විදේශීය වෛද්‍ය උපාධිධාරීන්ගෙන් 81 දෙනකු මෙරට පිළිනොගත් විදේශීය වෛද්‍ය උපාධි ලබාගත් අය වන බවත්, 19 දෙනකු අ.පො.ස. උසස් පෙළ විභාගය අසමත්ව විදෙස් වෛද්‍ය උපාධි ලබාගත් අය බවත් පෙන්වා දෙන අල්විස් මහතා නිසි සුදුසුකම් නොලත් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය ක්ෂේත‍්‍රයට එක් කර ගැනීමේ ඵල විපාක අත්විඳීමට සිදු වනුයේ මෙරට අසරණ රෝගීන්ට බව අවධාරණය කර සිටී.

සුදුසුකම් නොලත් වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් වෛද්‍ය ක්ෂේත‍්‍රයට එක්වීම වළක්වා හෙට දවසේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම සියලූ දෙනාගේ යුතුකම බව ද හෙතෙම සඳහන් කළේය.

ඒමන්ති මාරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here