සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 20 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කෙරෙති

0
286

සබරගමුව විශ්වවිද්යාලයේ සිසුන් පිරිසක් නිරෝධායනය කර PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.එම විශ්වවිද්යාලයේ උඔඅ කුලපති කාර්යාලය ප්රකාශ කළේ,සිසු සිසුවියන් 20 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවය.

ගම්පහ කොරෝනා වෛරසය ආසාදිතයින් වෙසෙන ප්රදේශවලින් පැමිණෙන සිසු සිසුවියන් පිරිසක් මෙලෙස පරීක්ෂණයට ලක් කර තිබේ.

ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්ථා ලැබීමෙන් පසු ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් ඔවුන්ගේ ආශ්රිතයන් සම්බන්ධයෙන්ද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව උප කුලපතිවරයා සඳහන් කළේය.

මේ අතර සබරගමුව විශ්වවිද්යාලයේ නිරෝධායනය වන සිසු සිසුවියන් සඳහා නිරෝධායන ස්ථාන සකස් කර තබන ලෙස සෞඛ්ය අමාත්යංශය එම විශ්වවිද්යාල පරිපාලනයට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here