බ්‍රැන්ඩික්ස් සේවය කළ කුරුණෑගල සේවිකාවන් දෙදෙනෙකුටත් කොරෝනා.

0
412

කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (5දා) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය චන්දන කැඳන්ගමුව මහතා ප්රකාශ කළේය.

මෙම සේවිකාවන් දෙදෙනා එම ඇඟලුම් කම්හලේ ප්රථමයෙන් වාර්ථා වූ සේවිකාව සමඟ සමීපව ඇසුරු කළ අය බව පැවසේ.මොවුන් නාරම්මල ගලහිටියාව සහ කුලියාපිටිය නක්කාවත්ත බරිගොඩ පදිංචිකරුවන් බව පැවසේ.

මේ වනවිට ඔවුන් දෙදෙනා වැඩි දුර ප්රතිකාර සඳහා අයි.ඩී.එච් උණ රෝහල වෙත යැවූ බව වෛද්ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here