බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ විසින් ඊයේ (5 වැනිදා) නිකුත් කළ ලිපියක සඳහන් වන්නේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර නියෝජ අධ්යක්ෂ ධුරයට පත් කර ඇති බවයි. අධ්යක්ෂ ධුරය සඳහා එම ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා පත් කර ඇත.
•උදයජීව ඒකනායක