කොවිඩ් ආසාධිත කාන්තාව කොළඹ සිට ගමන්ගත් බස් රථයේ විශාල පිරිසක්.වහාම පීසීආර් කරගන්න.

0
385

යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකෙහි ගමන් කළ මගීන්ට වහාම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ පී.කේතීස්වරන් මහතා ඉල්ලා සිටියි.

මෙම කාන්තාව කොළඹ සිට යාපනය බලා ධාවනය වූ WP ND – 6503 දරණ බස් රථයේ පසුගිය සෙනසුරාදා (3) ගමන් කොට ඇත.

සෙනසුරාදා රාත්රී 8.30 ට යාපනය බලා පිටත් වූ මෙම බස් රථය ඉරිදා උදෑසන 5 ට පමණ යාපනයට ලඟා වී තිබේ.පසුව,පුන්කුඩතිව් බලා ඉරිදා උදෑසන 5.10 ට ගමන් කළ NP ND – 8790 දරණ ‘ මාතා ‘ නම් බස් රථයෙන් එම කාන්තාව නිවස බලා පිටත්ව ඇත.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයේ විශාල පිරිසක් පැමිණ ඇති බව ඇය සඳහන් කිරීම හේතුවෙන් එම බස් රථ වලින් පැමිණි අය වේ නම් ළගම ඇති රජයේ රෝහලට ගොස් පීසීආර් පරීක්ෂණයක් කර ගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂවරයා ඉල්ලා සිටියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර 021-2226666 අංකයෙන් ලබා ගත හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here