අම්පාර දිස්ත්රික්කයේ මහඔය පොලිස් බල ප්රදේශයට අයත් ඉද්දපොළ ගම්මානය අද (06) දින වසා දැමූ බව මහඔය පොලිස් ස්ථානයේ ප්රකාශකයෙකු පවසයි.
මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කාන්තාවක පසුගිය සෙනසුරාදා (03) නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර ඇය උණ රෝගී තත්ත්වයක් නිසා අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත.
එහිදී ඇය PCR පරීක්ෂාවට ලක් කර ඇති අතර ඇයට කොවිඩ් -19 වැළඳී ඇති බවට අද (06) දින තහවුරු වී තිබෙනවා.
මේ වන විට මහඔය ඉද්දපොළ ගම්මානය වසා දමා සංචරණ සීමා කර ඇති බවයි මහඔය පොලිසිය පවසන්නේ.