මිනුවන්ගොඩ බ්රැන්ඩින්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට අද දහවල් නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තමර කඑබෝවිල මහතා පැවසීය.
ඔහුගේ බිරිද හොරණ මූලික රෝහලේ හෙදියක් වශයෙන් සේවය කරන බැවින් ඒ සම්බන්ධයෙන් හොරණ රෝහල් බලධාරීන්ටද දන්වා යැවූ බව කළුබෝවිල මහතා පැවසීය
තවද අදාළ වාට්ටුවට මේ වන විට කිසිදු බාහිර පුද්ගලයෙකුට ඇතුළත්වීමට සහ පිටවීමට නොහැකිවන සේ තාවකාලිකව වසා දමා ඇත.