කටුනායක ගුවන් තොටුපළේ සේවිකාවකට කොරෝනා

0
322

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්ය වෛද්ය නිලධාරීන් වෛද්ය චන්දික බණ්ඩාර වික්රමසූරිය මහතා පැවසීය.

හලාවත ප්රදේශයේ 50 හැවිරිදි සේවිකාව මීගමුව මහ රෝහල වෙත ඊයේ සවස ඇතුලත් කර පීසීආර් පරීක්ෂණයකට ලක් කර ඇත.එහිදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් වැඩිදුර ප්රතිකාර සඳහා අයිඩීඑච් රෝහල වෙත මාරු කර යවා ඇත.

මේ අතර කටුනායක ගුවන් තොටුපළ තුළ ඇය සමීපව ඇසුරු කළ සේවකයින්ගෙත් පී.සී.ආර් පරීක්ෂණ සඳහා සෙම පටල ලබා ගෙන සිදු කිරීම ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here