හෝමාගම විදුලි බල මණ්ඩල කාර්යාලයට විදුලි බිල් පතක් ගෙවා නැවත එමින් සිටි පුද්ගලයකු එම කාර්යාලය පරිශ්රය තුළත දීම වැටී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හෝකන්දර සිංහපුර,අංක 174 හි පදිංචි ඒ.එච් නැමැති දෙදරු පියෙකු බව පොලීසිය පවසයි.
එම ස්ථානයට බිල්පත් ගෙවීම සඳහා පැමිණි කිහිපදෙනෙකු බිම වැටී ඇදවැටුණු පුද්ගලයා ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමට රැගෙන යන අතරතුරදී මෙසේ මියගොස් ඇතැයි පැවසේ.
ඒ අනුව මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් හෝමාගම රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණි.
ADA.LK