ආණමඩුව ආඩිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද දහවල් සිට ජනතාව ඇතුල් විම හා පිටවිම සිමා කිරිම සිදුකල බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙලෙස ඇතුලු වීම හා පිටවීම සීමා කර ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ සේවය කරනු ලබන 23 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙනි.
අදාල කොරෝනා ආසාධිත තරුණයා ආඩිගම පුනවිටිය ගම්මානයේ පදිංචිකරුවෙකු බවත් කියයි.අදාල ආසාධිතයා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී රෝග ලක්ෂණ මතු කිරීමත් සමඟ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම තරුණයා ඇසුරු කළ පදිංචි නිවස්ව්ව් සිවු දෙනෙකු ඇතුළු 40 කය ආසන්න පිරිසක් අද දින සිට දින 14 නිරෝධායනයට ලක් කිරීමට පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කටයුතු කර ඇත.