මොනරාගල-මැදගම ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ශරීර ගතවූ කාන්තාවක් හමුවීමෙන් පසු ඇය පදිංචි ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු ඊයේ (08දා) ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොනරාගල බොල්ගල්ල-වල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි ඒ.එන් ලොකු බංඩා නැමැති අයෙකි.
ඉකුත් 04 වෙනිදා කොළඹ සිට් මොනරාගලට පුද්ගලික බස් රථයකින් පැමිණි කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබිණි.මියගිය අයගේ දියණියක්ද එම බස් රථයෙන් පැමිණි බවට අනාවරණය වීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් විසින් නිවසේ සිටි අය ස්වයං නිරෝධායනයට ලක් කර තිබිණි.
ඊයේ රාත්‍රී 7 ට පමණ හදිසියේ අසනීපවූ හැත්තෑ හැවිරිදි එම නිවසේ ගෘහ මූලිකයා මොනරාගල දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇද්ද යන්න පිළිබඳව පීසීආර් පරීක්ෂණය සිදුකිරීමට සෙම සාම්පල රැගෙන ඇති අතර එම වාර්ථාව එනතුර දේහය නිදහස් නොකිරීමට රෝහල් බලධාරීන් තීරණය කර ඇත.