පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ..

0
312

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමා තිබේ.

එහි අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකගේ දියණියක කොරෝනා ආසාදිත යයි හෙළි වීමත් සමඟ එම තීරණය ගත් බවයි.

දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයෙන් දස දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.ඔවුන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට ද කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here