ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් එම විද්‍යාලයට දැනුම්දී ඇත.
මෙම සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලෙහි සේවය කරන අතර ඔහු ආසාධිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් දියණිය පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමේදීඒ බව හෙළි වී ඇත.
මේ අනුව මෙම සිසුවිය ප්‍රතිකාර පිණිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර මැය සමඟ අධ්‍යාපනය ලබන සිසුවියන් ස්වයං නිරෝධායනයට ලක් කිරීම පිණිස එම සිසුවියන්ගේ තොරතුරු ලබා දීමට පියවර ගෙන ඇති බව රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී හේමා ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
මූලාශ්‍ර – අද