කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන රෝහල් 12ක් තුළ ඇඳන් ධාරිතාවයෙන් තවත් ඉතිරිව ඇත්තේ ඇඳන් 253 ක් බව කොවිඩ් පැතිරවීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
රෝහල් 12 ක් තුළ ඇඳන් 1581 ක් කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් වෙන්කර ඇති අතර මේ වන විට එයින් ඇඳන් 1328 සම්පූර්ණ වී තිබේ.
මෙම රෝහල් 12 අතරින් වැඩිම ඇඳන් සංඛ්‍යාවක් ඇති රෝහල වන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහලයි.එහි ඇඳන් 400 ක් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති අතර එයින් 157කම මේ වනවිට රෝගීන් ඇතුළත් කර ඇත.
කොළඹ අයි.ඩී.එච් රෝහල තුළ ඇඳන් 120 ක් වෙන්කර තිබුණත් එහි ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් 160ක් ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී වසංත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඇඳන් සංඛ්‍යාව 3000 සීමාව දක්වා වර්ධනය කිරීමට හැකියාවක් ඇති බවයි.