දුම්රිය දෙපාර්තමේන්තුවේ මාළිගාවත්ත බලවේග ධාවනාගාරයේ රාජකාරියේ යෙදී සිටින සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ගම්පහ උඩුගම්පළ පදිංචි ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවක්.ඒ හේතුවෙන් ඇයගේ ස්වාමි පුරුෂයා සහ ඔහු සමඟ සේවය කරන තවත් හයදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මාළිගාවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.