පළමු නියෝජ්‍ය පොලිස්පතිනියගේ පත්වීමට පොලිස් ලොක්කන් 14ක් විරුද්ධ වෙයි.

0
336

මෙරට පළමු නියෝජ්‍ය පොලිස්පතවරිය ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානී ජාසිංහආරච්චිට එරෙහිව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කර තියෙනවා.

ඒ පොලිස් සේවයේ අනුමත සේවක සංඛ්‍යාවේ කාන්තාවන් සඳහා නොමැති තනතුරකට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ ඇයව පත්කර ඇති බවය පවසමින්.

මේ අනුව අදාළ පැමිණිල්ල වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස පැමිණිලි කළ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතරට අයත් නිති කොට්ඨාශය භාර අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර,නීතීඥ ජාලිය සේනාරත්න සහ පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොමිසම වෙත කැඳවනු ලැබුවා.

බිම්ෂානී ජාසිංහආරච්චිට පසුගියදා වැඩබලන පොලිස්පතිවරයා විසින් සුභ සාධන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබූවේ පොලිස් කොමිසම ලබාදුන් නිර්දේශ අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here