රට වටෙන් එකතුකළ පී.සී.ආර් සාම්පල 3000 ක් ලැබ්වල හිරවෙලා.

0
256

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එකතු කළ පී.සී.ආර් පරීක්ෂණ සාම්පල 3000 ක් පරීක්ෂණවලට ලක් නොකර රසායානාගාරවල තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ 13 වෙනිදා පැවති සාකච්ඡාවකදී සහ රාජගිරියේ පිහිටි කොවිඩ් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පෙරේදා පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතික්‍රියා කට්ටල හිඟය,රසායන ද්‍රව්‍ය හිඟය සහ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගෙන් ලබාගන්නා සාම්පල ප්‍රමාණය අධික වීම නිසා මෙම තත්වය උද්ගතව ඇත.මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බංඩාරගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ පරීක්ෂණ කිරීමේ ප්‍රමාදයක් ඇති බවයි.සාම්පල ධාරිතාවය වැඩි වීම හේතුවෙන් ඊට සරිලන රසායනාගාර සංඛ්‍යාවක් සහ යන්ත්‍ර සංඛ්‍යාවක් සූදානම් නොමැති වීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බවයි.ඉදිරියේදී නව පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍ර ආනයනය කර රසායනාගාරවල ස්ථාපිත කිරීමටද නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කෙසේවෙතත් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ මාර්තු 17 වැනි දින මේ දක්වා පී.සී.ආර් පරීක්ෂණ තුන් ලක්ෂ පනස්දහසක් සිදුකර ඇත.දිනක පී.සී.ආර් පරීක්ෂණ 5000ක් සිදු කිරීමට අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල සපයන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.කොවිඩ් වසංගතය ආරම්භයේ දී පී.සී.ආර් පරීක්ෂණ 50000 ක් අවසන් කිරීමට දින 95 ගත වී තිබේ.නමුත් ලක්ෂ තුනේ සීමාවේ සිට තුන් ලක්ෂ පනස්දහස සීමාව දක්වා වූ පී.සී.ආර් පරීක්ෂණ කිරීමට ගත වී ඇත්තේ දින නවයක කාලයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here