කොවිඩ් මාධ්‍ය හමු සෞඛ්‍යයට තහනම්,පැවැත්වීමට තිබූ මාධ්‍ය හමු අවලංගුයි – වෛද්‍ය ජයරුවන් බංඩාර.

0
344

මාධ්‍ය හමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වීම ඊයේ (13 වැනිදා) පස්වරුවේ සිට අත්හිටුවීමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මේ පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇත. කෙසේ වෙතත් අද (14 වැනිදා) පස්වරුවේ සෞඛ්‍ය, පොලිසිය හා කොවිඩ් ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය.

මේ හේතුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (14 වැනිදා) දින පැවැත්වීමට සූදානම් කර තිබූ කොවිඩ් මාධ්‍ය හමු දෙක අත්හිටවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසීය.

උදයජීව ඒකනායක-අරුණ පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here