දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රයෝජනයට නොගත් ඉඩම් අක්කර 14,000ක් රටේ සංවර්ධනය සදහා යොදා ගත හැකි ආකාරය සොයා බැලීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.
ඒ අනුව සිව්දෙනකුගෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය වී තිබේ.
එම අමාත්‍ය අනුකමිටුවට ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම්. චන්ද්‍රසේන සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ඇතුළත් කොට ඇත.
මෙහිදී දැනට ප්‍රයෝජනයට නොගත් සහ ඇතැමුන් විසින් නීතිවිරෝධී ආකාරයට ප්‍රයෝජනයට ගෙන ඇති දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් හදුනාගෙන ඒවා නිරවුල් කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
අනවසර පදිංචිකරුවන් සහ අනවසර ඉදිකිරීම් සියල්ල අධිකරණමය ක්‍රියාමාර්ගයන් ඔස්සේ යළිත් පවරා ගැනීමටද යෝජනා වී තිබේ.
අනතුරුව මෙම ඉඩම් රටේ සංවර්ධනයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය අවම කර ගැනීම පිණිස භාවිත කිරීමටද ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.
Mawrata news