රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 13 දා පෙරවරු 9.30ට පැවැති මාධ්‍ය හමුවට එක්වූ මාධ්‍යවේදියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට සැකකෙනර බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු කරන බවත් රජයේ ප්රවෘත්ති දෙපාරත්තමේන්තුව පවසයි.
එම මාධ්‍ය හමුවට එක් වූ මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇති බවත් සෞඛ්‍ය අංශ විසින් එම මාධ්‍යවේදීන් වෙත කඩිනමින් ලබාදෙන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ආසාධිත යැයි සැක කෙරෙන මාධ්‍යවේදියාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණයන්හි ප්‍රථිපල ලැබෙන තෙක් අදාළ මාධ්‍ය හමුවට එක්වූ සියලු මාධ්‍යවේදීන් බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂිතව නිවෙස් වල රැදී සිටින ලෙසද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.