ජනාධිපති යන මඟ හරි නෑ..තව මාස හයෙන් ආණ්ඩුව පුපුරනව..අපේ ප්‍රකාශ කෙළ බිදක් තරම්වත් ගණන් ගන්නෑ.

0
260

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන සත්වයෙකු ලෙස ගත්කල මෝරලා නැති බවත්,මේ යන ආකාරයට තව මාස හයකින් පමණ ආණ්ඩුව පුපුරණ බවත් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.

තමන් වහන්සේ ඇතුලු ජාතික සංවිධානයන් වර්ථමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට සුවිශාල සේවයක් සිදුකළ බවත් ඒ සියල්ල අද ජනාධිපතිවරයාට අමතක වී ඇති බවත් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් චෝදනා කරනවා.

තමන් වහන්සේලා රටේ සාධනීය ප්‍රශ්න පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කොපමණ උත්සහ කලත් තවමත් අවස්ථාවක් ලබාදීමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවද උන්වහන්සේ වැඩි දුරටත් පවසා සිටිනවා.

එමෙන්ම අද වනවිට මේ ආණ්ඩුවේ ඇතැම් තීරණ ආණ්ඩු පක්ෂයේම මැති ඇමතුවරුම විවේචනය කරන නමුත් ජනාධිපතිවරයා එම කිසිදු අදහසක් ගණන් නොගෙන සිටීම නිසා සියලු දෙනා කලකිරීමට පත්ව ඇති බව පඤ්ඤාලෝක හිමියන් පවසා සිටී.එවැනි තත්වයක් තුළ තමන් වහන්සේලාගේ කරුණු කෙළ බිදක් තරම්වත් ගණන් නොගෙන ඇති බවත් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here