පී.සී.ආර්. පරීක්ෂණ දෛනික ධාරිතාවය 7500 දක්වා වැඩි කිරීම සඳහා තවත් පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර හතක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සතු පී.සී.ආර්. යන්ත්‍ර සවිකර ඇති රසායනාගාර 20 තුළ දෛනිකව පරීක්ෂණ 10000ක් සිදු කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි. මේ අනුව ප්‍රසම්පාදන කටයුතු අවසන් කර කොළඹ වරායට ළඟා වී ඇති පී.සී.ආර්. යන්ත්‍ර හත මෙතෙක් නිදහස් කර ගැනීමට නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම යන්ත්‍ර කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
දැනට ඇති පී.සී.ආර්. යන්ත්‍ර මගින් දෛනිකව පරීක්ෂණ 10000ක් සිදු කළ හැකි වුවද මේ වන විට දෛනිකව සිදු කරන්නේ පරීක්ෂණ 3894කි. වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී සිදු කළ හැකි අතර එම සංඛ්‍යාව 1000කි.