වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඊයේ (17දා) වාර්තා වූ බව පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ මහරගම ඇරැව්වල පතල්වත්ත ප්‍රදේශයේ නිවසක සහ පැලැන්වත්ත කුරුලු උයන ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් අය බව පැවසේ.
ගනේමුල්ල බැංකු ශාඛාවක ආසාදිතයෙකු වැල්ලවත්ත බැංකු ශාඛාවට පැමිණීමත් සමඟ එහි නිලධාරියෙකුට ඉකුත් 12 දා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබණි.
ඒ අනුව එම ශාඛාවේ සේවය කළ නිලධාරින් දින 14 ස්වයං නිරෝධායනයට ලක්කොට ඉකුත් 14 දා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙම පවුල් දෙකෙහි මව්වරුන් දෙදෙනාට සහ පුතුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථා වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.