රිශාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයාව අත් අඩංගුවට ගැනීමට නොහැකිවීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද බලපා ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පලකර සිටියේ අද (18) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබූවේ අදටත් පොලිස්පතිවරයා වෙනස් කිරීමට නොහැකිව ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇතිවූ ස්වාධීන කොමිෂන් සභා හේතුවෙන් බවයි.
ආණ්ඩුබලය හිමි වුවද යාන්ත්‍රණයේ වෙනසක් සිදු වී නොමැති බවත් 20වන සංශෝධනයෙන් අනතුර වෙනසක් සිදුවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් එම මහතා පවසනවා.