දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරිකයෙකුට කොරෝනා

0

කුරුණෑගල මල්ලවපිටිය සහ උයන්දන අතර ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරයක් පවත්වාගෙන යන 60 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

මෙම පුද්ගලයා කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පසුගියදා හදුනාගත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිටින ව්‍යාපාරිකයෙකු සමඟ කතරගම සංචාරයක ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

මොහුගේ බිරිද සහ පුතාශ පීසීආර් පරීක්ෂණයට ලක්කර ඇතත් ඔවුන්ට වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබේ.කොරෝනා ආසාදනය වූ ව්‍යාපාරිකයා වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවා ඇත.මෙම ව්‍යාපාරිකයා ඇසුරු කළ බව කියන රාජ්‍ය බැංකු සේවිකාවක් ඇතුළු තවත් පිරිසක් සම්බන්ධයෙන්ද මේ වනවිට සොයා බලමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here