ගෙවුණු මාස 9ට අනුරපුරේ තිදෙනෙක් ඒඩ්ස්වලින් මියයති

0

මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කාලයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවක ඇතුළු තිදෙනකු ඒඩ්ස් රෝගයෙන් මියගොස් ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සම්ප්‍රේෂණ රෝග ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී හේමා වීරකෝන් ප්‍රකාශ කරයි.

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා රෝගීන් එකොළොස් දෙනකු හඳුනාගෙන ඇති බවත් මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගීන් සංඛ්‍යාව හැට පහක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.

මේ අතරින් හතළිහකට අධික පිරිසක් සායනවල නිරන්තරව ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව ද පැවසූ ඇය දිස්ත්‍රික්කයේ එච්.අයි.වී.ආසාධිතයන්ගෙන් සියයට පණහක් සමලිංගිකයන් බවත් කීවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළට අනුව 2025 වන විට ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වැඩසටහනක් දියත් කර තිබෙන බව පෙන්වා දෙන ඇය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඒකකය විශේෂයෙන් දිස්ත්‍රික්කයේ ඒඩ්ස් වැළැක්වීමේ පියවරයන් රැසක් ගෙන ඇති බවත් එච්.අයි.වී. ආසාදිත බවට සැකයක් ඇති ඕනෑම පුද්ගලයෙකුට නොමිලේ වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වී රහසිගතව ප්‍රතිකාර ලබාගත හැකි බවත් සඳහන් කළාය.

උපුල් තම්මිට- අනුරාධපුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here