කොටවෙහෙර ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක්..තවත් පස් දෙනෙකුගේ පිළිබඳව පරීක්ෂණ

0

කොටවෙහෙර ප්‍රදේශයෙන් දෙවන කොරෝනා වෛරස් ආසාධිතයාත් අද 21 දා වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

එම ආසාධිතයා කොළඹ නැව් තටාංගනයේ සේවය කර පැමණි අයෙකු බවද,පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කොටවෙහෙර පළමු ආසාධිතයා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවකගේ පවුලේ සිවු දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවද වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී තිබේ.එම ආශ්‍රිතයන් 23 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බවද ඉන් ඔඅස් දෙනෙකුගේ නැවත පී.සී.ආර් පරීක්ෂණ සිදුකරන ලෙස දන්වා ඇති බවද සෙසු 18 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here