කොරෝන මේ තරම් ව්‍යාප්ත වුණේ ආණ්ඩුව ජනතාවට බොරු කී නිසයි – වෛද්‍ය නිහාල් අබේසිංහ.

0

රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැඩිවීමට හේතු වූයේ රජය ඇත්ත තත්වය වසන් කළ හෙයින් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මව්බිම වෙබ් අඩවිය සමඟ පවසා තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ රජය මුල සිටම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වසන් කරමින් ජනතාවට ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබා දීමට කටයුතු නොකළ බවය.

ආණ්ඩුව හැම තිස්සෙම කිව්වෙ බය වෙන්න දෙයක් නෑ.අපි කොරෝනා ව්‍යාප්ත වෙන්න දෙන්නෙ නෑ.මේක පාලනය කරල ඉවරයි.වගේ දේවල්.ඒ ප්‍රකාශ වලින් ජනතාව කොරෝනා වෛරසයට තිබුණු බිය නැති වුනා.ඒ බය නැති වීම හරහා තමයි මේ තත්වය ඇති වුණේ යනුවෙන් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසීය.

ඉන්දියාවේ දරුණු ලෙස කොරෝනා වෛරසය පැතිරෙමින් තිබෙන වාතාවරණයක් තුළ ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් රජය යොමු නොකිරීම ද මෙම තත්වයට හේතු වූ බව ඔහු පෙන්වා දුන්නේය.

මේ වනවිට දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 2300 ද ඉක්මවා ඇති අතර,පෑළියගොඩ මාළු වෙළද පොළ ආශ්‍රිතව සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණ 100 කින් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.නමුත් මෙවැනි තත්වයක් පැවතියද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී හමුවේ පැවසූවේ තවමත් කොරෝනා සමාජගත වී නැති බවය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බංඩාර මහතාද වෛරසය තවමත් සමාජගත වී නොමැති බව පවසයි.

වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය පිළිබඳව නිසි අවදානම ජනතාවට නොකිරීමෙන් තත්වය තවත් දරුණු විය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here