කොවිඩ් ගැන ආණ්ඩුවේ සැඟවීම නිසා අතිභයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා.

0

කොවිඩ් 19 සමාජ පැතිරීමක් නොවන බව පුන පුනා පැවසීමෙන් රෝගය පාලනයට අනර්ථයක් සිදුවන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ ජනතාව කොරෝනා පොකුරක් දෙස බලමින් තම තමන්ගෙ සාමාන්‍ය අනුමාන මත ලිහිල් ආරක්ෂිත ප්‍රතිපත්තියකට යාම මේ මොහොතේ අති භයානක බවය .

කොවිඩ් සමාජ පැතිරීමක් නොවේයැයි කීම සඳහා ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්පූර්ණ වී නොමැති අතර සෞඛ්‍ය භාවිතාවන්ට පරිබාහිර බුද්ධි අංශ සහ හමුදාමය උපක්‍රම භාවිතා කරමින් පොකුරුවලට ඇති සම්බන්ධතා තවදුරටත් ගොඩ නංවමින් සිටින බැවින් මෙය සමාජ පැතිරීමක් යැයි එක හෙළා ප්‍රකාශ කිරීමේ ගැටලුවක් පවතින බවද රවී කුමුදේශ් මහතා පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් සඳහා ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමට අවසර ලබාදී නොමැති බැවින් ස්වභාවිකව සුවපත් වූ ආසාදිතයින්ගේ දත්ත ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවත් බුද්ධි අංශවලට පවා හඹා යා හැකිව තිබෙන්නේ PCR පරීක්ෂණ මගින් ලබා දෙන දත්ත පමණක් සලකමින් වන බැවින් රෝග ව්‍යාප්තියේ මාර්ගය සොයා යෑමේ බුද්ධි අංශ ක්‍රමවේදය සාර්ථක වූවද දත්ත නොමැති ආසාදිතයින් මග හැරීම සහ සමාජය තුළ අහඹු ලෙස ව්‍යාප්තව සිටිය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here